ප්‍රධාන පුවත

Archive RSS Feed

“අම්මා බලෙන් මාව සුද්දෙකුට බන්දන්න හදපු නිසා මම ගෙදරින් ආවා” දුව විකිණූ බඩල්ගම අම්මාගේ කතාව…

“මාව බලෙන් කවුරුත් මෙහෙට අරන් ආවේ නෑ. මමම තමයි කැමැත්තෙන්ම මෙහෙට ආවේ. ඔය අම්මා කියන කතා පට්ටපල් බොරු”
Read More

නවතම ප්‍රවෘත්ති

Archive RSS Feed

ජැක් ගැහුවොත් නඩු!

90%ක් පමණ පොදු ප්‍රවාහන සේවා වල දී අපහසුතාවට පත් වුණත් මේ පිළිබඳ ව පොලීසියේ නීතිමය සහය ලබාගෙන තිබුණේ 4%ක් වැනි සුළු පිරිසක් පමණයි.

මහ කොටියාගේ හිත හිටිහැටියේ වෙනස් කළ ‘මදිවදිනී’ – වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ආදර කතාව

එදා රෑ ඔහුට නින්ද ගියේ නෑ. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හිතේ එදා සැලසුම් ඇඳුනේ බෝම්බයක් පුපුරවන විදිය ගැන නෙමේ. මදිවදිනිගේ හිත දිනාගන්න විදියකුයි ඔහු සැලසුම් කළේ. ඇය බයවෙලා අඬපු විදිය ප්‍රභාකරන්ට මැවි මැවී පෙනුණා

එදා පාන්දර 1.15ට කෝල් කරලා “අම්මා මං පිටත්වුණා. පැයෙන් ගෙදර” කියලා කිව්වා – සනත් නිශාන්තගේ බිරිඳ චමරි ප්‍රියංකා පෙරේරා

"හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. පහුගිය කාලේ අපේ හලාවත ගෙදරට ගිනි තිබ්බනේ. ඒක එහෙම නොවුණා නම් එදා ඇමතිතුමා යන්නේ හලාවත ගෙදරට. ඉතින් එදා අපේ ගෙදරට ගිනි නොතිබ්බානම් අදටත් එයා අපි එක්ක ඉන්නවා."

ලොකු පේස්ට්‍රි කඩේක අයිතිකාරියක් වෙන්න ඕනේ නම් මුලින් ගේ ඉස්සරහ පොඩි වඩේ කඩයක් හරි දාගන්න

‘ඔයාට ටවුන් එකේ තියෙන ලොකුම පේස්ට්‍රි කඩේ අයිතිකාරිය වෙන්න ඕනේ නම් මුලින්ම ගේ ඉස්සරහින් පොඩි වඩේ කඩයක් දාගන්න. ඒත් එක්කම ඔයාටම කියලා අනන්‍යතාවක් හදාගන්න. අන්න එතකොට ඔයාගේ කතාවේ රැජින වෙන්න ඔයාට පුළුවන්. හරියට මේ මම වගේ.’

මේවා කියලා දෙන්න ලැජ්ජා වෙන්න එපා. දරුවෙක් අපයෝජනය වුණොත් විඳින්න වෙන පීඩාව ඒ ලැජ්ජාවට වඩා ලොකුයි

ගෙවුණු වසර තුන තුළදී මහනුවර කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 17 තුළ වයස අවුරුදු 16ට අඩු දැරියන් 132ක් අපයෝජනයට ලක්ව ඇති බවත්, පොලිසියට වාර්තා නොවුණු සිදුවීම්ද සැළකීමේදි මේ අගය ඉහළ යනු ඇති බවත් පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේ මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතායි.

විශේෂාංග

Archive RSS Feed

කීමෝ ප්‍රතිකාර නිසා කොණ්ඩේ ගියපු කෙනෙක් මගේ හෙයාර් ඔයිල් එකෙන් ආපහු කොණ්ඩේ වවාගෙන තිබුණා – ගයත්‍රි ප්‍රියංජනා පාදුක්ක

දාහක් ක්‍රීම් ගාලා හොඳවුණේ නැති කුරුලෑ මගේ නිෂ්පාදන හරහා සුවවුණු ඕනතරම් අය ඉන්නවා. ඔය තරුණ තරුණියන්ගේ හිසකෙස් යන ප්‍රශ්නයටත් මගේ ගාව හෙයාර් ඔයිල් එකක් තියෙනවා

මම දවල්ට ගෙවල් හදනවා, රෑ‍ට කේක් හදනවා – විහඟා වීරසිංහ

රහස මොකක්ද අහපුවම අහන හැමෝටම මං කියන්නේ කේක් හදද්දි ආදරේ ටිකක් වැඩිපුර දැම්මොත් කේක් එක රස වෙනවා කියලා. ඒක බොරුවක් නෙවෙයි

තනිවෙන්න තීරණය කරපු – තීරණය තනි නොකරපු ගැහැනියක් නීතීඥ ලක්ෂිකා රත්නායක

හිරවෙලා හිටපු කුටුම්භයෙන් එළියට එන්න ලැබුණු එක මං භාරගත්තේ ජීවිතේට ලැබුණු ආශිර්වාදයක් විදියටයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ තනිවීම තුළ මට වේදනාවක් දැනුණේ නෑ කියලා.

මියගිය පසු ලතා ඉන්දියාවට ලෝක කුසලාන නැතා

“එදා මමත් මගේ පවුලේ අයත් කෑම නොකා දිගින් දිගටම උපවාස කළා. ආයෙත් අපි ඒ උපවාසේ අතෑරලා කෑම කෑවේ ඉන්දියාව තරඟය දිනලා අවසන් තරඟයට තේරුණාට පස්සෙයි”

ප්‍රීතිමත් ජීවිතයකට

Archive RSS Feed

ලෙඩ වෙන්න කලින් හිටිය මට වඩා දැන් ඉන්න මම ලස්සනයි – මධුකා ඌෂාණි

සියලු ප්‍රතිකාර අවසන් වෙද්දී මගේ බර කිලෝග්‍රෑම් 85ක් වෙලා තිබුණා. එතකොට මං හිතාගත්තා, දැන් කැන්සර් එකත් එක්ක ෆයිට් කළා ඇති, දැන් මාත් එක්ක ෆයිට් කරන්න ඕනෙ කියලා

සමහර මිනිස්සු ඇවිදින මළමිනී වගේ ජීවත්වෙන්නේ ඇයි?


තව හේතුවක් තමයි සහයෝගයක් නැති සහකරුවෙක්/සහකාරියක් එක්ක ජීවත්වෙන්න වෙන එක. උදාහරණයක් විදියට රැකියාවක් කරන කාන්තාවක් උදාහරණයකට ගන්න. ඇය රැකියාවේත් වෙහෙසිලා ගෙදර ඇවිල්ලත් මැෂින් එකක් වගේ ගෙදර වැඩයි දරුවන්ගේ වැඩයි කරනවා නම් ඇයට මානසික වෙහෙසක් ඇතිවෙනවා කියන එක අහන්නත් දෙයක්ද?

පියයුරේ ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් ලොකු බ්‍රෙසියර අඳින එකත් ප්‍රශ්නයක්

ස්ත්‍රී රූපේ ලාලිත්‍යවත් බව වැඩිවෙන්න පියොයුරු බලපානවා. තැඹිලි වාගේ පිරිච්ච පුන් පියයුරු තියෙනවට කාන්තාවො කැමතියි. ඒකනේ සමහර උදවිය සිලිකන්වලින් පියයුරු පුම්බන්නේ. දැන් ඉන්න අය විතරක් නෙමේ ඒ කාලේ ඊජිප්තුවේ හිටපු නෙෆර්ටිටි රජ කුමාරියත් පියොයුරුවල හැඩය ගැන හරියටවත් හිතාපු කෙනෙක්ලු.

සුව දිවිය

Archive RSS Feed

ආගමික මිථ්‍යාවත් හරියට පිළිකාවක් වගේ, මුලින් අඳුනගත්තොත් නිට්ටාවටම සුව කරන්න පුළුවන්

මිථ්‍යා විශ්වාස නිසා මෙහෙම එකපාර පිරිස් සියදිවි නසාගන්න හේතු වෙන්නේ හවුල් මානසික ආබාධය (Shared Psychotic Disorder) කියන තත්ත්වය. මේක දුර්ලබ මානසික රෝගයක්. දුර්ලභ ලෙඩක් වුණත් අපේ රටේ වෙන ආගමික පෙරළි එක්ක මේක ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.

කොස්සැට මීයෙක් වගේ ඉන්න, කොස් ඇට කන්න!

ඉස්සර ගමේ ගොඩේ හැම ගෙදරකම වගේ තිබුණේ මැටි කුස්සි. ඔය හැම කුස්සියකම කෑම අහේනි කාලෙට කන්න ඕනා කරන අඩුම කුඩුම ස්ටොක් කරලා තිබුණාලු. ඉස්සර ගෙවල්වල නොවැරදී තිබුණු තව දෙයක් තමයි වැලි කොස්සැට මුල්ල. කොස් වාරෙට අහක දාන කොස්සැට ටික අහක් කරගෙන එව්වා වැලි ගොඩක හංගලා කල්තියාගන්න ඒ කාලේ අපේ ආත්තම්මලා හරි හපන්නු.

ගෝනි නැතුව කරේ යන යක්කු යෝනියට වද්දගන්න එපා

කාන්තාවක් වුණහම ලස්සනට, පිරිසුදුවට ඉන්න ඕනේ කියලා හැමදාමත් අපි උපදෙස් දෙනවා. පිරිසුදුව ඉන්න කිව්වම සමහරු හිතන්නේ ලෝකෙට පේන්න තියෙන තැන් ටික හරියට තියාගත්තම ඇති  කියලා.

මන්කිපොක්ස් ලංකාවටත් එයිද?

ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයය. ඒ නිසා ලෝකයේ අනෙක් රටවලට මේ වනවිට බලපෑම් ඇතිකරමින් තිබෙන ‘වඳුරු වසංගතය’ හෙවත් ‘මන්කිපොක්ස්’වෛරසය පිළිබඳව අපි අවධානයෙන් සිටිය යුතුය. තවමත් ලංකාවට එහි බලපෑමක් නොපැමිණියද සංචාරකයින් හරහා රෝගය පැමිණීමේ අවදානමක් නැත්තේද නැත.

ඩෙංගු කොවිඩුයි දැන් කිරියි පැණියි වගේලු

ටිකක් හිතන්න ඩෙංගු හැදිලා තමන්ගේ දෙමාපියෝ දරුවෝ ජීවිතෙන් වන්දි ගෙවුවට පස්සෙ අපි ඒ අයගෙ මළසිරුර අරන් පාර මැද්දට ගිහිල්ලා ටයර් පිච්චුවාට, ගහමරාගත්තට වැඩක් නෑ

සරු දිනවලට දරුපල ගන්න වදෙන් පොරෙන් ලිංගිකව එකතු වෙන්න එපා

ලිංගිකත්වය සම්බන්ධ කාරණා එළිපිට කතා කිරීම මහා අපරාධයක් බවයි තවමත් අපේ සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ. මේ නිසාම ඊට අදාළ ගැටලු සහ ලෙඩරෝගවලට නිසි පිළියම් ලබා ගැනීමට ඔවුන්ට කිසිසේත් අවස්ථාවක් උදාවෙන්නේ නැත. ඒ පිළිබඳව කතාබහ නොකිරීම තුළින් නිර්මාණය වන්නේ අතෘප්තියත්, කුතුහලයත් පමණි.