Latest News

කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි “මටුල්ලා” අත්අඩංගුවට

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ සහ දැරියන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයෙකු තලේබාන් පාලනය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 30 හැවිරිදි මටුල්ලා වීසා නැමති පුද්ගලයෙක්.

මටුල්ලා විසින් දුෂ්කර ග්‍රාමීය පළාත්වලට ගොස් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවීම හේතුවෙන් දිගින් දිගට ම තලේබාන් පාලනයෙන් තර්ජන එල්ලවූවෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.