Latest News

අකුරට ගිය සිව් නිවුන් දරුවන්

පේරාදෙණිය මහ රෝහලේ දී සිව් නිවුන් දරුවන් ලෙස මෙලොව එළිය දුටු පුංචි දරුවන් අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද (29) පැමිණ තිබෙනවා.

මෙලෙස පාසල වෙත පැමිණ ඇත්තේ, මාවනැල්ල කරපනේ පදිංචිව සිටින 41 හැවිරිදි එම්,ඒ,ජී, සුමේධ ජයරත්න සහ 37 හැවිරිදි ඩී,ආර්,ඩී, එරන්දි ජයරත්න මවුපියන්ට දාව උපන් එම්ඒ.ජී. සනුක සංකලන මහආරච්චි, එම්ඒ.ජී සසදි සනුත්මි මහආරච්චි, එම්ඒ.ජී සදසි සනෙත්මි මහආරච්චි සහ එම්ඒ.ජී සදති සදෙව්මි මහආරච්චි යන දරුවන්.

එම සිව් නිවුන් දරුවන් ඇතුළු දරුවන් 175 දෙනකු ඇතුළත් කර ගැනීම මාවනැල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්,ඒ ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කළා.