නවතම ප්‍රවෘත්ති

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පොලිස් බලප්‍රදේශ කිහිපයක් ආවරණය වන ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
Read More »

වෛද්‍යවරු 1500කට ආසන්න පිරිසක් රට හැර ගිහින්

2022 වසරේ දී මෙරට වෛද්‍යවරුන් 1500කට ආසන්න සංඛ්‍යාවක් රට හැර ගොස් තිබෙන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.
Read More »

ගර්භණි රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක්

පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුෂ්කරතාවට පත්ව සිටින ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලීමක් කර තිබෙනවා.
Read More »

ඉන්ධන ලබා ගන්න සූරියවැව ගැබිණි මව්වරුත් පෝලිමේ

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ සූරියවැව ප්‍රදේශයේ ගැබිණි මාතාවන් පිරිසක් සූරියවැව විහාරගල පාරේ පිහිටි අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු වෙලාවක් පෝලිමක රැඳී සිටින අයුරු දැක්වෙනවා.
Read More »

රුසියානු බොරතෙල් වලට පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපායි – ජුලී චන්ග්

රුසියානු බොරතෙල් සඳහා අමෙරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපාන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළා.
Read More »

ඉන්ධන ලීටරයක් රුපියල් 250කට ලබාදිය හැකි බවට අනාවරණයක්

ඉන්ධන ලීටරයක් රුපියල් 250ක පමණ මුදලට ජනතාව වෙත ලබාදීමට හැකියාවක් පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක යළි කෝප් කමිටුව හමුවේ අවධාරණය කළා.
Read More »

බිරිඳගේ ඥාතීන් සිදුකළ පහරදීමෙන් සැමියා මරුට

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඊයේ (06) රාත්‍රී කාලයේ, බිරිඳගේ ඥාතීන් පිරිසක් සැමියාට සිදුකල පහරදීමක් නිසා සැමියා මිය ගිය පුවතක් සන්දිවේලි ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

පාස්පෝට් පෝලිමක රැඳී සිටි ගැබිණි මවකට දරු ප්‍රසූතියක්

හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකට අද අලුයම (7) බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, පාස්පෝට් පෝලිමේ රැඳි සිටියදී දරු ප්‍රසූතියක් සිදුව තිබෙනවා.
Read More »

විවාහ සංවත්සරය දවසේ අත්අඩංගුවට ගත් හිරුණිකාට ඇප

කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.
Read More »