දිරිය දිනූ කතුන්

“මං ගෙදර ඉන්නේ ඉරිදා විතරයි. එදාට ගමේ අය මාව හොයාගෙන එනවා. ඉතින් මේ වෙනකොට මං ගෙදරත් පොඩියට බයික් ත්‍රීවිල් වගේ වාහන රෙපෙයාර් කරනවා.” – තිසරි හංසමාලි

තිසරි හංසමාලි අපට මුණගැහුනේ මහියංගන පාරේ කයිලගොඩ හන්දියේ වන ‘ඔටෝ මිරාජ්’ නම් ඇය සේවය කරන ආයතනයේදීය. යකඩ ගොඩවල් සමඟ ඔට්ටු වෙන රස්සාවක් තෝරාගැනීම සම්බන්ධව පවුලේ එකම ගැහැනු දරුවා වූ ඇයට මුලදී පවුලෙන්ම බාධා පැමිණි බව ඈ කියයි.
Read More »

ලොකු පේස්ට්‍රි කඩේක අයිතිකාරියක් වෙන්න ඕනේ නම් මුලින් ගේ ඉස්සරහ පොඩි වඩේ කඩයක් හරි දාගන්න

‘ඔයාට ටවුන් එකේ තියෙන ලොකුම පේස්ට්‍රි කඩේ අයිතිකාරිය වෙන්න ඕනේ නම් මුලින්ම ගේ ඉස්සරහින් පොඩි වඩේ කඩයක් දාගන්න. ඒත් එක්කම ඔයාටම කියලා අනන්‍යතාවක් හදාගන්න. අන්න එතකොට ඔයාගේ කතාවේ රැජින වෙන්න ඔයාට පුළුවන්. හරියට මේ මම වගේ.’
Read More »

‘ඔයා තමයි මගේ නූපා. මගේ නූපාව මට දෙන්න නිරෝෂා’ කියලා කිව්වහම බැහැ කියන්නෙ කොහොමද?

1986දී ඇමරිකාවේ ‘ද ඔප්රා වින්ෆ්‍රි ශෝ’ කියලා ටෙලිවිෂන් වැඩසටහනක් විකාශය වුණා. අදටත් ඇමරිකානු ඉතිහාසයේ ශ්‍රේණිගතකිරීම්වල ඉහළින්ම තියෙන මේ වැඩසටහනට සහභාගි වුණේ ලෝක ප්‍රකට පුද්ගලයෝ විතරයි. වැඩසටහන මෙහෙයවීම කළේ ඔෆ්රා වින්ෆ්‍රි. ඇය ඇමරිකාවේ ප්‍රසිද්ධ නිවේදිකාවක්. බහුතරයක් දෙනා මේ වැඩසටහනට සහභාගි වුණේ...
Read More »

මගේ අත් දෙකෙන් මුලින්ම පණ දුන්නේ ගණ දෙවියන්ට

“මට තේරෙන වයස වෙද්දී, ගේ පුරා තිබුණ ලී කැටයම් මගේ හිතට ලොකු සතුටක් ගෙනාවා. ඒ රූප දවසින් දවස හැඩවෙන හැටි දැක්කා. ඉතින් මම ඉස්කෝලේ ඇරිලා ගෙදර දුවන්නේ අම්මටයි, තාත්තටයි උදව් කරන්න බලාගෙන. එහෙම නියනයි අතකොලුවයි අතට ගත්තු මම දැන් වසර විසිපහක් මගේ ජීවන වෘත්තිය හැටියට කැටයම් කලාව සමඟින් ඔට්ටු වෙනවා.”
Read More »

මගේ කුළුබඩු දැන් ඇමරිකාවටත් යනවා

හිතාගන්නත් බැරි අඩු මුදලට කුළුබඩු අලෙවි කරන අය ඉන්නවා. කුළුබඩුවල මිල ගණන් එක්ක ඒ ගණන්වලට දෙන්න බැහැ කියන එක මම පෞද්ගලිකව දන්නවා. කුළුබඩුවලට මොනවා හරි මිශ්‍ර කරලයි අඩු ගණන්වලට දෙන්නේ

සන්තුෂි විජේකෝන්
නිර්මාතෘ
වයිල්ඩ් කලෙක්ශන් කුළුබඩු නිෂ්පාදන
Read More »

පිළිකා රෝහලේ බෝගස යට හිඳ පාඩම් කර වෛද්‍ය විද්‍යාලයට ගිය පූර්ණිමා

මල්ලි කොළඹ ජාතික රෝහලේ නියුරෝ යුනිට් එකේ ඉද්දි කාණු බැම්ම උඩ ඉඳගෙනත් පාඩම් කළා. ඒ වෙලාවට හිස ඔසවද්දි මට පේනවා වෛද්‍යවරු වගේම වෛද්‍ය ශිෂ්‍යයාවෝ එහාට මෙහාට යනවා.
Read More »