News

අදත් දිවයින පුරා වැසි

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More »

අග්‍රමාත්‍යවරයාගෙන් නබිතුමාගේ උපන්දින සංවත්සරයට සුභ පැතුම්

ශුද්ධ වූ මොහොමඩ් නබිතුමාගේ උපන්දින සංවත්සරය සමරන සියලුම ශ්‍රී ලංකික මුස්ලිම් ජනතාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරයි.
Read More »

ලොරි රථයක ගැටී යතුරුපැදිකරු මරුට

හුංගම රත්න ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේදී හුංගම දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා රත්න රෝහලට ඇතුලත් කර ඇත.
Read More »

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් පත් කිරීම අද

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂ නියෝජිතයින් පත් කිරීම අද (19) දිනය තුළ සිදුකරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
Read More »

ලක්ෂ 39ක් වටිනා රන් පෙන්ඩන්ට් සමග තිදෙනකු අත් අඩංගුවට

සාදා නිම නොකළ රත්තරන් පෙන්ඩන්ට් තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

දේශපාලන අර්බුදය ආර්ථිකයත් ගිලගනී

ගෙවුණු සතියේ රටේ ඇතිවූ දේශපාලන අර්බුදකාරී තත්ත්වයත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ හා අනෙකුත් භාණ්ඩ බොහෝමයක අලෙවිය ශීඝ්‍රලෙස පහත වැටීම නිසා ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවකට පත්ව ඇති
Read More »

මියගිය හූනෙකු සමඟ ආහාරදීම හේතුවෙන් පාසල් දරුවන් 36 දෙනෙකු රෝහලේ

මුලතිව්, වන්නිවිලාන්කුලම විද්‍යාලයේ දරුවන්ට ඊයේ (19) ලබාදුන් ආහාර විෂවීමකින් පාසල් දරුවන් 36 දෙනෙකු රෝහල්ගත කොට ඇති බව මාන්කුලම රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read More »

නබිනායකතුමාණන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ජනපතිගේ සුබ පැතුම් පණිවිඩය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මුළු ලොවටම දායාදයක් වශයෙන් පහළ වූ උත්තම නබි නායකතුමාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරයි.
Read More »

හිටපු ඇමති අර්ජුණගේ ආරක්ෂක නිලධාරියා ලබන 23තෙක් යලි බන්ධනාගාර ගත කරයි

බන්ධනාගාර ගත කර සිටි අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා මෙම මස 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
Read More »

ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශයේ DSA යන්ත‍්‍රය 2016 වසරේ සිට අක‍්‍රීයයි

ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශයේ තිබූ DSA යන්ත‍්‍රය අක්‍රිය වීම නිසා රෝගීන්ට බරපතල තත්වයකට මුහුණ දීමට සිදු වී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
Read More »