රූපලවන්‍ය

එළදෙනුන්ගේ කිරි ගානවද? නැත්නම් එළදෙනක් වගේ බ්ලීචින් ගානවද?

කිරි කියන්නේ සෞභාග්‍යයේ සංකේතයක්. ඒ නිසාම ඉතින් එදා ඉඳලම අපි සුබ කටයුත්තකට අත ගහන්න කලියෙන් කිරි උතුරවනවා. අලුත් අවුරුද්දක් පටන්ගනිද්දි වුණත් කිරි මුට්ටියක් උතුරවලා හැමෝම ප්‍රාර්ථනා කරන්නේ කාට කාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනා කියලනේ. හැබැයි මේ අවුරුද්ද පටන්ගනිද්දි නම් “කිරි ඉතිරෙන අවුරුද්දක් ..
Read More »

පියයුරේ ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් ලොකු බ්‍රෙසියර අඳින එකත් ප්‍රශ්නයක්

ස්ත්‍රී රූපේ ලාලිත්‍යවත් බව වැඩිවෙන්න පියොයුරු බලපානවා. තැඹිලි වාගේ පිරිච්ච පුන් පියයුරු තියෙනවට කාන්තාවො කැමතියි. ඒකනේ සමහර උදවිය සිලිකන්වලින් පියයුරු පුම්බන්නේ. දැන් ඉන්න අය විතරක් නෙමේ ඒ කාලේ ඊජිප්තුවේ හිටපු නෙෆර්ටිටි රජ කුමාරියත් පියොයුරුවල හැඩය ගැන හරියටවත් හිතාපු කෙනෙක්ලු.
Read More »

කොස්සැට මීයෙක් වගේ ඉන්න, කොස් ඇට කන්න!

ඉස්සර ගමේ ගොඩේ හැම ගෙදරකම වගේ තිබුණේ මැටි කුස්සි. ඔය හැම කුස්සියකම කෑම අහේනි කාලෙට කන්න ඕනා කරන අඩුම කුඩුම ස්ටොක් කරලා තිබුණාලු. ඉස්සර ගෙවල්වල නොවැරදී තිබුණු තව දෙයක් තමයි වැලි කොස්සැට මුල්ල. කොස් වාරෙට අහක දාන කොස්සැට ටික අහක් කරගෙන එව්වා වැලි ගොඩක හංගලා කල්තියාගන්න ඒ කාලේ අපේ ආත්තම්මලා හරි හපන්නු.
Read More »

අමුක්කරා මෙච්චර බලවත්ද

අවුරුදු 6000කට එහා ඉඳලා මිනිස්සු තමන්ගේ ලිංගික ශක්තිය වැඩි කරගන්න අශ්වගන්ධ පාවිච්චි කළා. වත්ස්‍යානගේ කාමසුත්‍රයේත් අශ්වගන්ධ පාවිච්චි කරලා ලිංගික ශක්තිය වැඩි කරගන්න හැටි ලියලා තියෙනවලු. අර කලින් කිව්වත් වගේ ටූටකාමන් රජතුමාගේ පීරමීඩෙනුත් අශ්වගන්ධ පැල හම්බෙලා තියෙනවා.
Read More »

කොණ්ඩේ යනවානම් භෘංගරාජයාට කියන්න

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »

මුත්‍රා එක්කලා පිට කරන්න සල්ලි දීලා විටමින් ගන්නේ මක්කටැයි?

ටෙලිවිෂන් ඒකේ එක එක නිළි නෝනලා ඇවිල්ලා තමන් ගන්නවය කියන පෝෂණ අතිරේකේ ගැන හෑලි කියනවා. ඒක බීලා ලස්සන වුණාය කියන නිළි නෝනම තව සතියකින් වෙන සන්නාමයක් වෙනුවෙන් පෙනී ඉන්න එකයි හොඳම වැඩේ
Read More »

මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී

මේ දවස්වල කාගෙත් මාතෘකාව ගිනි අව්ව. දන්න අඳුනන කෙනෙක් මූණට මුලිච්චි වුණාම විතරක් නෙමේ තනියම ඉන්න ගමනුත් බහුතරයක් දෙනා කරන්නෙ ඉරට දෙස් දෙවොල් තියන එක. මාර්තු අප්‍රේල් කියන්නේ අපේ රටට ඉර මුදුන් වෙන කාලේ.
Read More »

කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි

අදටත් අප්‍රිකානු මිනිස්සු ඇයට ගෞරව කරනවා. ඇගේ සූරකම් ගැන කතා කරනවා. ඉතිහාසය මිනිස්සුන්ගේ පාට මතක තියාගන්නේ නෑ. මතක තියාගන්නේ ඒ අය සමාජයට කරපු වැඩ විතරයි
Read More »