විශේෂාංග

අතට අහුවෙන පෝච්චි, ටින්, හට්ටි, මුට්ටි ඔක්කොගෙම මං වගා කළා

වගාවට හිත බැඳුනහොත් එක් බිම් අඟලක් හෝ පාළුවට හරින්නට ඔබට හිත් නොදෙනු ඇත. ඒ ගෙවතු වගාවට පෙම් බැඳි සිත්වල හැටිය. බත්තරමුල්ල, කොස්වත්ත, රිචර්ඩ් ද සොයිසා මාධ්‍ය නිවාස සංකීර්ණයේ දිවි ගෙවන මාලා බස්නායක හිටපු දිසාපතිනියද තම විශ්‍රාම සුවය ගත කරන්නේ ගෙවත්ත එවන් කෙම්බිමක් කරගෙනය.
Read More »

මම බෙහෙත් බොන්නේ ඔයා ගස් නැග්ගොත් විතරයි කියලා අලියෙක් කිව්වලු

සාමාන්‍යයෙන් රෝග විනිශ්චයකදී වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය රෝගියා සමඟ කතාබහ කරන්නේ අසුන්ගෙනය. ඇතැම් අවස්ථාවකදී සිටගැනීමටද සිදුවේ. බොහෝවිට අවශ්‍ය ඖෂධ සඳහන් බෙහෙත් තුණ්ඩුව දී රෝගියා පිටත්කර හැරීමට හැකිය. සතුන්ගේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම ඊට වෙනස් වේ. ඔවුන්ට අදහස් ප්‍රකාශ කළ නොහැකිය.
Read More »

ඉරට වැඳලා මුහුදටත් ආදරෙයි කියලයි මම උදේට වැඩ පටන් ගන්නේ

වෙරළ තීරයේ හමා එන පවන් රැල්ලක පහස සිත්සේ විඳින්නට බණ්ඩාර මැණිකේට ඉස්පාසුවක් නැතත්, ඈ වෙරළ තීරය හැඩ කරන්නේ රාජකාරියට එහා ගිය දේවකාරියක් සේ සිතාගෙනය.
Read More »

මං හරිම දුක් මහන්සියෙන් තැනකට ආපු කොල්ලෙක්

“මට ඕන මම උගන්වන දරුවන්ගේ හදවතේ ජීවත්වෙන ගුරුවරයා වෙන්නයි. ඒ වගේම ගුරුවරයෙක් දරුවෙකුට විෂය කරුණු විතරක් කියාදීලා මදි. ජීවිතය ගැන උගන්වන්නත් ඕන.”
Read More »

ගෙදරට නොදන්වා වැකේෂන් ගිය අලියාට ‘සෝඩා’ සංග්‍රහයක්

අලි කුලප්පු වීමට වෙලාවක් කලාවක් නැත. එනිසාම කුලප්පු වූ අලි මෙල්ල කිරීම ද එසේමය. ඕනෑම වේලාවක එවැනි අවස්ථා එළැඹීමට ඉඩ තිබේ. මහාචාර්ය අශෝක දංගොල්ලට ඒවා හොඳින් පුරුදුය. දවසේ ඕනෑම වේලාවක එවැනි ඉල්ලීම් ඔහුට පැමිණෙයි. දිනක් සවස තුනට පමණ මහාචාර්ය දංගොල්ලට එවැනි කටයුත්තකට අදාළව ඇමතුමක් ලැබිණ. ඒ, අකුරැස්සෙනි.
Read More »

නහින දෙහින කාලේ අපි බඳිමුද රාලේ

මිතුරන් සමඟ රටේ දේශපාලනය ගැන බොහෝ වෙලාවක් කතා කරමින් සිටි, පනස් වියට ආසන්න මංජුල කාලයක් තිස්සේ සිතට දැනෙමින් තිබූ වේදනාවක් ගැන ඔවුන්ට පවසන්නට තීරණය කළේය.

“මට මහ පාළුවක් දැනෙනවා බන්. අඩුම තරමේ මටත් උඹලට වගේ දරුවෙක්වත් හිටියා නම් කියලා හිතෙනවා.” මංජුලගේ කටහඬේ රැඳී තිබුණේ කළකිරුණු ස්වභාවයකි.
Read More »

ඒ කාලේ ඉස්කෝලේ ළමයි මට කිව්වේ එළදෙන කියලා

චැන්ටෙල් බ්‍රවුන් යන්ග් ඉපදුණේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී. ඒ 1994 අවුරුද්දේ ජූලි 27 වෙනිදා. පුංචි කාලේ කොච්චර හැඩට පෙනුමට හිටියත් කාලයත් එක්ක මේ පුංචි කෙල්ලගේ සම මතුපිට සුදු පාට කැළැල් මතුවෙන්න පටන්ගත්තා. මුලින්ම මුහුණේ එක් තැනක මතුවුණු මේ කැළැල් ඇයගේ ඇඟ පුරාම පැතිරෙන්න වැඩි කාලයක් ගියේ නෑ.
Read More »

මම කොස්වලින් කේක් හදන්න පටන් ගත්තේ අවුරුදු පහකට කලින්

අලුත් දේවල් ගැන හිතන්නටත්, අලුත් අත්හදාබැලීම් කරන්නටත් කෙනෙකුට සිතේනම් ඒ තුළ ඇත්තේ රටට අවැසි නිර්මාණශීලීත්වයයි. බොහෝවිට ව්‍යවසායකයන් බිහිවෙන්නේ ඒ නිර්මණශීලීත්වය තුළිනි. එලෙස නව ආරක ගිය දිවානි වැලිතරගේ හරි අපූර්ව ආහාර වට්ටෝරු ගොන්නක්ම රටට හඳුන්වා දී ඇත.
Read More »

මම ඔහු සමඟ නැටුවේ කැමැත්තෙන් වුණාට අනිත් හැමදේම වුණේ අකමැත්තෙන්

2013 වසරේ එක්තරා දිනක දහඅට වියැති ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක වන සැක්සන් මුලින්ස් මිතුරියන් කිහිපදෙනෙකු සමඟ නිවසින් පිටතට ගියේ හොඳම මිතුරියකගේ උපන්දින සාදයට යාමේ අපේක්ෂාවෙනි.
Read More »

ලට්ට ලොට්ට නැතුව කට්ට කට්ට එකතු කරලා හදමුද කළු රත්තරං

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »

යාළු වෙන්න ෂෝක් කෙල්ල කියලා හැමෝම කියපු නිසා මං මාත් එක්කම විවාහ වුණා

මම මා හා ම විවාහ වීම මගින් උත්සාහ කරන්නේ ඒකල විවාහ කියන සංකල්පය හැකිතාක් සාමාන්‍යකරණය කරන්නයි. මම ලෝකෙට කියන්න උත්සාහ කරන්නේ මේකයි. අපි මේ ලෝකෙට එන්නේ තනිවම. යන්නෙත් තනිවමයි. ඉතින් තමාට තමන්ට වඩා ආදරය කරන්න පුළුවන් කාටද?
Read More »
1 31 32 33 34 35 72