විශේෂාංග

මේ ලෝකේ මොන ගෑනිද තමන් ඉස්සරහ තමන්ගේ මනුස්සයට අත තියනකල් බලන් ඉන්නෙ?

“ඇත්තටම එදා බැදිගම අධිවේගී පිවිසුමේදී ඇතිවුණ ප්‍රශ්නෙ නිසා මේ රටේ මාධ්‍යයයි, සමාජ මාධ්‍යයි එකතු වෙලා මාව එක රැයින් සුපිරි තරුවක් කරා. අඩුම තරමේ ඒ වෙනකල් නෙත්මි වෙදආරච්චි කියන්නේ කාගේ කවුද කියලවත් කවුරුවත් දැනගෙන හිටියේ නෑ.”
Read More »

මෙහෙම ගියොත් අසාධ්‍ය රෝගියෙක් ආවත් ප්‍රතිකාර කරනවා වෙනුවට අපිට වෙන්නේ බලන් ඉන්න

සුමින්දත්, තාරකත් අතර ඇතිවූ බහින්බස්වීම කෙළවර වන්නේ, තාරක කැපුම් තුවාල සහිතව රෝහල්ගත කිරීමෙනි.

“මේ තුවාලවලට මැහුම් හතක් අටක්වත් දාන්න වෙනවා. හැබැයි හොස්පිට්ල් එකේ ගෝස්, වෙලුම්පටි, නීඩ්ල් මේ මුකුත් නැහැ.”
Read More »

කරි චිකන් වෙන්න තිබුණු කුකුල්ලු ටික ඔක්කොම මං ගෙදර ගෙනාවා

ගාල්ලේ, ගිංතොට තලපිටිය ගමරාලලාගේ සෝමලතාට දරුවන් තුන්දෙනෙකි. ඒ දරුවන් තිදෙනාම පුතුන් වූ අතර, ඔවුන් ගැන ඇයට ආඩම්බර වන්නට හේතු කාරණා කීපයක්ම තිබුණි. ඒ අතරින් එක් දෙයක් ගැන ඈ නිරන්තරවම සතුටු වූවාය. ඒ ඇගේ ළමා කාලයේ සේම පුතුන් ද කුඩා වියේ පටන් සතුන් කෙරෙහි කරුණාවන්ත වීමය.
Read More »

බනිස් කන්න ඕනනම් ළඟම තියෙන කොස් ගහට නගින්න

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »

පොඩිමැණිකෙ කට අරිනකොට කාටවත් සල්ලි ගැටගහගෙන ඉන්න බැරිලු

කාව්‍යකරණය පිළිබඳව අපේ රටේ ඉතිහාසය අවුරුදු දහසකටත් එහා අතීතයට දිව යන්නේය. එදා සීගිරිය නැරඹීමට පැමිණි ඇත්තෝ කවි ලියුවේ සීගිරි පවුරේය. ඒ ක්‍රි.ව.700ක තරම් එපිටදීය. පසුකලෙක එය සීගිරි කැටපත් පවුර විය. කෝට්ටේ යුගයේදී ශාස්ත්‍රීය අංශයට බරවූ සිංහල කවිය මාතර යුගයේදී පොදුජන හදවතට වඩාත් සමීපවිය.
Read More »

අලින්ට කරන්ට් වැදුනම ඇතින්නියන්ට දුවන්න හිතෙනවද?

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය දෙස් විදෙස් සියල්ලන්ගේ ගෞරවයට ආදරයට පාත්‍ර වූ සංස්කෘතික අංගයකි. එහි ගමන් ගන්නා අලි ඇත්තුද කාගේත් විශේෂ අවධානයක් දිනාගනිති. ඔවුන් පෙරහරේ රැගෙන යාම වෙනුවෙන් කැපවන අය එමටය. පෙනෙන්නට සිටින්නේ ඇත්ගොව්වා පමණක් වුණාට මේ අලි ඇතුන් වෙනුවෙන්ම සේවයේ යෙදුණු තවත් බොහෝදෙනෙක් ඇත.
Read More »

බුදු හාමුදුරුවො කිව්වට අපිට ගෑනු දිහා නොබලා ඉන්න බෑ

ස්ත්‍රියක් විදියට උප්පත්තිය ලැබීම පවක් ද පිනක් ද කියන එක ගැන බොහෝදෙනා මේ යුගයේ කතා කරන්න ගත්තේ මහමෙව්නා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමකගේ ධර්ම දේශනාවක ඛණ්ඩයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙන්න ගත්තට පස්සේ.
Read More »

මැරෙන තුරාවට මට බිසීගෙ ඇස් දෙක අමතක වෙන්නේ නෑ

මොන අමාරුව තිබුණත් මුල් කාලෙ වගේම මං වැඩට ගිහින් එනකල් මග බලාගෙන ඉන්නවා. මං ආව ගමන් කාමරේට එනවා. ඊටපස්සෙ මූණ ඉඹිනකල් බලාගෙන ඉන්නවා. ඒ තරම් ආදරෙයි
Read More »

එදා තරඟය දිනුවට පස්සේ දසුන් මගෙන් ප්‍රශ්නයක් අහලා මැසේජ් එකක් එවලා තිබුණා

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තුන්වෙනි විස්සයි විස්ස තරඟය කලකට අමතක නොවෙන විදියේ තරඟයකි. ශ්‍රී ලංකා කණ්ඩායම එදා ලබාගත් ජයග්‍රහණයේ නියමුවා නායක දසුන් ශානකය. පන්දු 25 කදී වේගවත් ලකුණු 54 ක් නොදැවී ලබාගනිමින් ඔහු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ජයග්‍රහණයක සේයාවක් හෝ නොතිබූ මොහොතකය.
Read More »

මම කඩෙන් ගන්නේ අලයි, පරිප්පුයි විතරයි

“කඩෙන් ගේන එළවලුවලට වඩා වත්තෙන් කඩාගන්න එළවලු රසයි කියලා මට හිතෙනවා. ඒ වගේම වස විස නැති ඒ එළවලු නැවුම් ඒවා. ඒ වගේම උදේ පාන්දරට පලදාව පිරුණු ගෙවත්තකට අඩිය තියනවා කියන්නේ දවසම සතුටින් ගෙවන්න පුළුවන් වෙන කාරණයක්. ඇත්තම කිව්වොත් මේ වගාවට මම දැන් ඇබ්බැහිවෙලා.”
Read More »
1 32 33 34 35 36 72