විශේෂාංග

පිළිකාවක් අරන් අහසට යන්න හදන හේලී

“හෙලෝ මේ හේලි ආර්සෙනෝව්ද කතා කරන්නේ?”
“ඔව් මං හේලි තමයි.”
“අපිට ඔබේ කතාව දැනගන්න ලැබුණා. ඔබේ කතාව අහද්දි අපට තේරුණේ එකම දෙයයි. ඒ ඔබ කොතරම් ධෛර්යසම්පන්න තරුණියක්ද කියන එක. ඒක නිසා ඔබට වටිනා අවස්ථාවක් ලබාදෙන්නයි අපි කතා කළේ.”
Read More »

උඹ අයියව මගෙන් උදුරගත්තා

පීල්ලවත්තෙ නැන්දා, නුවන්තලාගේ ගමට නුවර පැත්තෙන් දීග ඇවිදින් හිටිය කෙනෙක්. හැඩරුව, කතාබහ, වචන අපෙ අම්මලාගෙ වගේමයි කියලා පළවෙනියට දැකලා කතා කරපු දවසෙම මට හිතුණා.
Read More »

ඒවානම් හූරගෙන කාලා ඉතිරි ටික හත්පොළේම ගාගත්තත් පාඩු නෑ අපේ හාමුදුරුවනේ

ඈන් ඇස්බෝර්න් කියන්නේ ඇමරිකාවේ සුප්‍රකට ලේඛිකාවක්. වයස අවුරුදු පනහත් පැන්නට මොකද ඈන්ට තියෙන්නේ තරුණ කෙල්ලෙක්ගේ පෙනුමක්. ඈන්ගේ සම රත්තරන් පාටට ලස්සනට දිලිසෙනවා. ඒ විතරක්යෑ බොහොම හැඩැති සිහින් සිරුරකුත් ඇයට තියෙනවා.
Read More »

පියාගේ ඝාතකයන් පෝරකයට යවන්නට නීතීඥවරියක වූ දෝණී

ළාබාල දැරියකව සිටියදී නීතීඥවරියක වීමේ ආශාවක් සුගුෆා තබේසුම් අහමඩ්ගේ සිතේ කවදාවත් තිබුණේ නැත. පසුකලකදී සිය දෙමව්පියන්ගේ සිතැඟි ඉටු කිරීමට ඇය නීතීඥවරියක වීමට අදහස් කළත් එම තෝරාගැනීම ජීවිතයට අලුත් පාඩමක් කියාදේ යැයි ඇය නොසිතන්නට ඇත.
Read More »

එකොළහේ විභාගෙට ඉඳගත් හැට පැනපු ඇත්තෝ…

පසුගිය 28 වෙනිදා නෙළුව ජාතික පාසල් විභාග මධ්‍යස්ථානයේ සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය වී තිබුණේ විද්‍යාව ප්‍රශ්න පත්තරයයි. ඊට පිළිතුරු ලියන්නට සුදු ඇඳුම්වලින් සැරසී ආ දරු දැරියන් අතර සුදු සරමක් සහ කමිසයක් ඇඳගෙන පැමිණ සිටි වයස්ගත පුද්ගලයෙක් ද විය.
Read More »

නිර්වින්දන දොස්තර මහත්තයෝ ඉන්න තැනකින් හනිකට වඩින්න

අලි බැලිල්ලයි බලි ඇරිල්ලයි දෙකම ලෙහෙසි නැත. පොඩ්ඩ එහා මෙහා වු‍ණොත් සියලු වැඩ වරදී. බලි ඇරිල්ල කෙසේ වෙතත් අලි බැලිල්ලේ අනතුරුදායක බව ගැනනම් අමුතුවෙන් කියන්නට දෙයක් නැත. පෙරහරේ යන අලි ඇතුන් කියා එහි වෙනසක් නොවේ. ජැන්ඩි පහට ඇඳ සිටියාට ඇතැම් අවස්ථාවල මහා කලබල ඇති කරන්නට ඒ අයට පුංචි දේකුත් ඇත.
Read More »

අනුන්ගේ හෙළුව බලන වෙලේ තමන්ගේ සළුව හදාගත්තොත් නරකද?

වත්සලා සිය දියණියගේ අතට තද පහරක් දුන්නේ ඇයගේ අතේ තිබුණු නිදි පෙති අහුර විසි වී යන ලෙසය.

“ඇයි උඹ අපේ මූණේ දැලි ගෑවේ?” අසා පහර දෙන්නට දැනෙන උවමනාව යටපත් කරගෙන වත්සලා දියණියව තදින් තුරුළු කර ගත්තාය.

Read More »

ගෙදර කිසි වැඩක් තනියම කරන්න දුන්නේ නෑ.. ගේ අතුගාල දුන්නෙත් මහත්තයා

මං එයාගේ රියදුරු මහත්තයට කෝල් කළහම එයා කිව්වා එයාලා නිට්ටඹුවේ ප්‍රසිද්ධ නිමිඇඳුම් ප්‍රදර්ශනාගාරයක් ළඟ ආරක්ෂාකාරීව ඉන්නවා කියලා. ඇත්තටම මම හීනෙකින්වත් හිතුවෙ නෑ මගේ මහත්තයා පෙට්ටියෙන් ගෙදර එයි කියලා

මියගිය පා.මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාගේ බිරිඳ කියන කතාව
Read More »

සිවුරක් ඇඟට දාගන්න ඕන ඒකෙ බර දැනගෙනයි

මේ සසර දනව්ව තුළ බොහෝ සොඳුරු බැඳීම් තිබේ. ඉපිද මැරෙමින්, යළි ඉපදෙමින් ඒ සසර හුරුකම් සොයන්නන් අතරේ, සසර දුක් නිමා කරන්නට සිතා එකමග යන, එකම පවුලක නෑකම් ඇත්තන්ද නැතුවා නොවේ. එවන් තීරණයකට එන්නට මේ කියන්නට යන පොඩි මෙහෙණින් වහන්සේ ඇතුළු ඒ පවුලේ අයට හිත් දෙන්නට ඇත්තේ සසර පිනෙහි ආශ්චර්යය නිසා විය යුතුය.
Read More »

එක්කො ගෑස් ගෙනත් දීපං නැත්නම් ඩිවෝස් එක දීපං

ඉස්සර නම් ගොඩක් අයට ගෝල්ෆේස් පැත්ත මතක් වුණේ හැන්දෑවක කටට රහට ඉස්සෝ වඩයක්, නාන් රොටියක් එහෙම කන්න හිතුණම. ඒත් දැන් මාසෙක එක හමාරක වගේ කාලෙක ඉඳන් ඒක වෙනස් වෙලා ගෝල්ෆේස් කියනකොට ගොඩදෙනෙකුට මතක් වෙන්නේ අරගලය.
Read More »

සුදු නැති නිසා ජීවත් වෙන්න සුදුසු නෑ කියලා හිතපු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් එකපාරක් දිවි නහගන්නත් හැදුවා

ආකර්ෂණීය පෙනුමක් කියලා කිව්වම තවමත් බොහෝදෙනා ඉන් අදහස් කරන්නේ සුදුවෙන එක කියලයි. එහෙම හිතලා ගොඩක් අය සමට අහිතකර නිෂ්පාදන භාවිතා කරනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී රූපලාවණ්‍ය ද්‍රව්‍ය පිළිබඳ වගේම සමාජ ආතතිය ගැන කරුණු අධ්‍යයනය කරද්දී මට මේ කර්මාන්තයේ අඳුරු පැතිකඩ කිහිපයක් හමුවුණා.
Read More »
1 33 34 35 36 37 72