රූපලවන්‍ය

මේක මහ රහසක් රාවණා රජ්ජුරුවන්ගේ කාලේ ඉඳන්ම අරගෙන එන බලයක්

‘අකාල සන්ධ්‍යා’ කියන්නේ 90 දශකයේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා අධ්‍යක්ෂණය කරපු අතිශය
ජනප්‍රිය වුණ ටෙලිනාට්‍යයක්. ජනප්‍රිය නාට්‍යයක් විදියට විතරක් නෙවෙයි ඒ කාලේ හැටියට
විශිෂ්ටතම ටෙලිනාට්‍යයක් විදියට සළකලාත් මේ ටෙලියට සම්මාන පිට සම්මාන ලැබුණා.
Read More »

ලස්සන කන්නද? හිත ලස්සන නැති ගැහැනිය ගිනිකෙළියයි!

“මගේ අම්මාත් හරි ලස්සනයි. අම්මා පොල්වත්ත පන්සලේ දානපතිනියක්. ඉතිං දවසක් පන්සලට ගියපු වෙලාවක අම්මා දැකලා තිබුණා පන්සලේ පොත් රාක්කේ දූවිලි පිහිදාන්න මුස්නක් නැහැ කියලා. ඊටපස්සේ අම්මා දිග කොණ්ඩෙ කපලා මුස්නක් හදලා පූජා කළා. අපේ අම්මා ලස්සනට හිතන කෙනෙක්. ඇය නිතරම අපිට කිව්වේත් මේ හැමදෙයක්ම නැතිවෙලා යාවි,
Read More »

තොල්පෙති රතු මිරිස්ය පියයුරු ටී බනිස්ය

දීර්ඝ කාලයක් තොල් ආලේපන පාවිච්චි කරන එක තොල් දෙකට එච්චර හිතකර නැති බවත් ඔබ නොදැන ඉන්න විදියක් නෑ. අන්න ඒ නිසා නිතර තොල් ආලේපන ගල්වන හෝ නොගල්වන ඕනෑම කෙනෙකුට සුන්දර සහ නිරෝගී දෙතොල් සඟලක් ස්වාභාවිකවම හිමි කරගැනීම වෙනුවෙන් නිවසේදී කළ හැකි සත්කාර කිහිපයක් තමයි අද අපි මේ කියන්න යන්නේ.
Read More »

මූණ නම් සුපිරි ලඳේ ඒත් ඉරි – ඉරි කිමද බඳේ

සමේ සාමාන්‍ය පැහැයට වඩා වෙනස් පැහැයකින් ඉරි තැලීමක් විදියට දැකගත හැකි ස්ට්‍රෙච් මාර්ක් විදියට සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සමෙහි ඇතිවන පැල්ලම් විශේෂයක්. ඒවා සමෙහි හටගැනීම සෞඛ්‍ය ගැටලුවක් නොවුණත් අවලස්සන වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.
Read More »

කොටා බීපිය මදිනම් කාපිය පිපිඤ්ඤා…! – පිපිඤ්ඤා වලින් ලස්සන වෙමු!

පිපිඤ්ඤාවල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය සහ සිලිකා බහුලත්වය නිසා ඉක්මනින් පහසුවෙන් සහ ආරක්ෂිතව මුහුණේ ඇතිවෙලා තියෙන අඳුරු පැල්ලම් ඉවත් කරගන්න පුළුවන්. ඒකට පිපිඤ්ඤා පෙති දෙකක් දෑස් මත තබා එය මතින් පිපිඤ්ඤා යුෂ ගැල්වූ පුළුන් කැබලි දෙකක් තියලා මිනිත්තු විස්සකට පමණ පසුව සෝදා හැරීමයි කළ යුත්තේ.
Read More »

රූපය ඔබ සතු – හැඩ කරනා මුතු – ගැනයි මෙ’සියලු තතු

ස්වාති කියන තාරකාව පායපු රාත්‍රියක වහින වැස්සකින් වැටෙන වැහි බිංදුවක් මුතු බෙල්ලෙක්ගේ ඇඟට වැටුනහම ඒ වැහි බිංදුව මුතුඇටයක් බවට පත්වෙනවා කියලත් කියනවා
Read More »

ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක?

ඇස් දෙකක් සුන්දරව තියාගන්න නම් අපිට මොන දේටත් කලින් වුවමනා කරන්නෙ සුවදායක නින්දක්. පැය හත අටක නින්දක් ලබාගැනීමෙන් අපිට ඇස්වල විඩාව මහන්සිය මගහරවගන්න පුළුවන්. හැබැයි මේ නින්ද ඔබ ලබාගන්න ඕනෑ රාත්‍රී කාලයේදී. මොකද ගොඩක් උදවිය රෑ තිස්සෙ නිදිමරලා දවල් වෙනකන් නිදාගන්න හුරුවෙලා ඉන්නවා.
Read More »

විදලා විඳවන්න කලින් මේ ගැන දැනගන්න!

ගෙදරක බිත්තියක් සරසනවා වගේ හිතුමනාපෙට ශරීරෙ විදලා කරාඹු දාන්න යන්න නරකයි. මුලින්ම දැනුවත්ව ඉන්න ඕන කාරණාවක් තමයි ඔයා කරාඹුව පළඳින ස්ථානය සිදුරු කරායින් පස්සෙ ඇතිවන තුවාලය සුවවෙන්න කොයිතරම් කාලයක් යනවද කියලා. ඔයාගෙ සිරුර විදීම සිදුකරන ශිල්පියාගෙන් මතක ඇතිව ඒ ගැන අහගන්න අමතක කරන්නත් එපා.
Read More »

‘කොරල’ පරල වෙන සරල ආයුර්වේද සත්කාර

සමේ කොරල ඇතිවීම හින්දා යම්කිසි කෙනෙක් අපහසුතාවයට පත්වෙලා ඉන්නවනම් ඒ සඳහා ආයුර්වේදයේ කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.
Read More »