News

අගමැති කොටගොඩ ධම්මාවාස හිමියන් සහ නොර්වේ තානාපතිනිය හමුවෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත පුජ්‍ය කොටගොඩ ධම්මාවාස හිමියන් බැහැදැක සුවදුක් විමසුවා.

එමෙන්ම හිමියන්ට අදාල ප්‍රතිකාර නිසි ලෙස සොයාබලා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත. තවද උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනාකළ බව වාර්තාවේ.

මේ අතර අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපති ට්‍රයින් ජෙරන්ලි එස්කේඩාල් හමුවී ද්විපාර්ශවික සාකච්චාවකට ද සහභාගී වී ඇත.

අරලිය ගහ මැදුරේ දී පැවති මෙම සාකච්චාවේදී ධිවර මෙන්ම සමුද්‍රීය පරිසරය විනාශ කරන ට්‍රෝලර් පන්නයේ මසුන් මැරීමේ ක්‍රම ගැන සහ ගැටළු ගැන සංවාදයට ගෙන ඇත.

මේ අතර කොවිඩ් වසංගතය පාලනය සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ගැන ද කතාබහට ගෙන ඇත. මේ සම්බන්දව ශ්‍රී ලංකාවට තම සතුට ප්‍රකාශ කර ඇත.