News

අදත් වැසි

සබරගමුව, බස්නාහිර,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවයි.

දිවයින හරහා විශේෂයෙන්උතුරු, උතුරු මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විටහමන පැ. කි. මි.(50-60) දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.