News

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ද ඇති විය හැකි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, ත්‍රීකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මී 40 – 50ත් අතර තද සුළං අපේක්ෂා කරනවා.