News

අධිකරණ ඇමති සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

අද දින (08) අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සහ අමෙරිකානු තානාපතිනී, අලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා වේ.

අධිකරණ අමාත්‍යාංශයේදී එම සාකච්ඡාව සිදුකර ඇත.

මෙම හමුවේදී මෙරට අධිකරණවල පවතින යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, බන්ධනාගාර තදබදය, විනිශ්චකාරවරුන් පුහුණු කිරීම වැනි කටයුතු ගැන අවධානය යොමුකර ඇත.

තවද අධිකරණය සහ යුක්ති පසිඳලීමේ ක්‍රියාවලියට අදාළ වත්මන් කාර්යභාරය හා ඉදිරි සැලසුම් පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇති බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරනවා.