News

අධිවේගයේ ගැලනිගම පිවිසුමේ සේවය කළ පොලිසියේ 6කට කොවිඩ්

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සේවය කළ පොලිස් නිලධාරීන් 06දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයා වී ඇති බව වාර්තා වේ.

ආසාදිත නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් තිදෙනෙකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු වන බව සඳහන් වේ.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සේවය කළ පොලිස් නිලධාරියෙකුට පසුගිය දිනක කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ සමඟ එහි සේවය කරන නිලධාරීන් 14 දෙනෙකුට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී තවත් නිලධාරින් 05 දෙනෙකුට වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.