අනතුරට ලක්ව මීරිගම රෝහලේ සිටින සොයුරාට කොරෝනා
හොරණ නගරයේ පෞද්ගලික ආයතනයක සේවයේ නිරත සේවිකාවක් මීරිගම ප්රදේශයේ හදිසි අනතුරකට ලක්ව සිටින සිය සොයුරා බැලිම සදහා ගොස් තිබෙන අතර එම සොයුරාට මේවන විට කොරෝනා වැළදී ඇති බව තහවුරු වි ඇත.
ඒ හේතුවෙන් අදාළ පෞද්ගලික ආයතනය තාවකාලිකව වසා දමා සේවිකාව නිවසේ ස්වයං නිරෝධායනයට කටයුතු කර ඇති අතර හෙට (08) දිනයේ ඇයට පීසීආර් පරීක්ෂණ සිදු කිරිමට නියමිතය.
