අනුරුද්ධ සම්පායෝට ඇප
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු සිව්දෙනෙකුට අද (31) මීගමුව මහේස්ත්රාත් අධිකරණය විසින් ඇප ලබාදී තිබේ.
හිටපු බන්ධනාගාර අධිකාරිවරයා සහ තවත් නිලධාරීන් තිදෙනෙකු මීගමුව බන්ධනාගාරයේ සිටි රැදවියන් පිරිසකට විශේෂ පහසුකම් සැපයීම සහ විවිධ වචනික කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.
එම සිද්ධිය සම්බන්ධයෙන් අනුරුද්ධ සම්පායෝ මහතා පසුගිය 02වනදා පොලීසිය භාරවීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
