News

අපරාධ ගැන තොරතුරු දෙන්න දුරකථන අංක දෙකක්

අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී තිබේ.

එම ඇමතුම් පොලිස් මූලස්ථානයේ රහස් ඒකකයක් විසින් පාලනය කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මාධ්‍ය සාකච්ඡාවකදී දැනුම් දිය.

“1997 මෙම දුරකථන අංකය ඔස්සේ විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැනුම් දිය හැකියි. මහජන සාමයට බාධාවක් විය හැකි ක්‍රියාකාරකම් මහා පරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල දූෂණ හා කප්පම් ගැනීම් වැනි තොරතුරු මෙම දුරකකථන අංකය ඔස්සේ රහසිගතව ලබා දිය හැකිය“.

“1917 මෙම දුකරථන අංකය ඔස්සේ අපරාධ කල්ලි සාමාජිකයන් හෝ වෙනත් කූඨ ගණුදෙනුකරුවන්ගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට පුළුවන“.