News

අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට යළි විවෘත කෙරේ

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (28) සිට යළි විවෘත කෙරෙන බව තානාපති කාර්යාලය පවසයි.

එම කාර්යාලයේ සේවකයින් පස්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් තානාපති කාර්යාලය පසුගිය 21 වැනිදා සිට තාවකාලිකව වසා දැමුණි.

හෙට සිට යළි විවෘත කෙරෙන අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සෞඛ්‍ය අධිකාරිය විසින් නියම කර ඇති පූර්ව සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ නිසියාකාරව අනුගමනය කරමින් සිය කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.