අමාත්‍ය මහින්දානන්ට එරෙහි සාක්ෂි විභාගය කල්යයි.
මුදල් විශුද්ධිකරණ වැළක්වීමේ පනත යටතේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර තිබු නඩුවක සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 05 දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (19) නියම කළා.
මෙම නඩුව කඳවු අවස්ථාවේ ඒ මහතා කොළඹ මහාධිකරණය හමුවේ පෙනිසිට නැහැ . ඒ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ දී යි.
මහින්දානන්ද අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ තම සේවා දායකයා අමාත්‍යවරයෙකු ලෙස පත්වීම් ලැබ සිටින බවත් අද දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වන බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි .
ඒ අනුව අධිකරණය වෙනත් දිනයක් ලබාදුන්බව වාර්තා වේ.
