News

අමෙරිකානු රාජ්‍ය ලේකම්ට චීනය කියූ දේ

මෙරරට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා පිළිබඳව කළ ප්‍රකාශයට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත්කර ඇත.

චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ , “අප ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කාර්ය බහුලව සිටිනවා. Alien Vs Predator වැනි ක්‍රීඩාවකට ඔබ කර ආරාධනය ගැන උනන්දුවක් නැහැ,” වශයෙනි.

“අමෙරිකාවට සුපුරුදු පරිදි එකවර චරිත දෙකක් රඟපෑමට හැකියි,” යනුවෙන් ද එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.