අයි ඩී එච් රෝහලෙන් පැන ගින ආසාදිතයා ගැන ගත් තීරණය
අයි.ඩී.එච් රෝහලෙන් පැන ගොස් සිටියදී හමුදා බාරයට ගත් කොවිඩ් ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පසුගිය 24 වන දා අලුයම අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලා ගිය කොවිඩ් නයින්ටීන් ආසාදිතයා පැය 8කට පසු කොළඹ ජාතික රෝහල අසළදී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ භාරයට පත්විය.
ත්‍රිකුණාමලය වල්ලිමලර් හි පදිංචි මොහොමඩ් කාසීම් මොහොමඩ් නසීම් නැමැති ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පුද්ගලයෙකි.
