News

අලුත්ගම හා බේරුවල ව්‍යාපාරික ස්ථාන 7ක් වහයි

අලුත්ගම හා බේරුවල ව්‍යාපාරික ස්ථාන හතකින් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හමු වී ඇති බව වාර්තා වේ.

ආසාදිතයින් හමුවීමත් සමඟ එම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට කටයුතු කළ බව බේරුවල මහජන සෞඛ්‍යය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (10)පෙරවරුවේ පැවසීය.

ඉකුත් 07 හා 08 දිනවල අළුත්ගම හා බේරුවල නගරවල පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර එම පරීක්ෂණ වාර්තා අනුව මෙම ආසාදිතයින් හඳුනා ගෙන ඇත.

බේරුවල නගරයේ අවන්හල් දෙකකින් ආසාදිතයින් 04 ක් ද ,අලුත්ගම නගරයේ ව්‍යාපාරික ස්ථාන පහකින් ආසාදිතයින් 06 දෙනෙකුද මෙලෙස හමුවී තිබේ.

එම ව්‍යාපාරික ස්ථානයන්හී සෙසු සේවක පිරිස් නීරෝධායනයට යොමුකර දින කිහිපයකින් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.