ආසාදිත නගරසභා මන්ත්‍රී සාදයට ගිහින්
හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. එම නිසා නගර සභාවේ ලේකම්වරයා සහ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් නිරෝධායනයට යොමුකර ඇත. මෙලෙස 08 දෙනෙකු නිරෝධායනයට යොමුකර සිටිනවා.
ආසාදිත නාගරික මන්ත්‍රීවරයා සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පසුගිය 19 දා විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරයකුගේ නිවසේ සාදය කට සහභාගී වීම නිසා එම පියවර ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
ආසාදිත හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයා නිරෝධායන නීති උල්ලංගනය කර චෝදනා එල්ල වී ඇති ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු බවද සෞඛ්‍ය අංශ පවසනවා.
