ඇඳිරි නීතිය උල්ලංඝණය 554ක් අත්අඩංගුවට
අද (29) උදෑසන 6.00න් ගෙවුණු පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 159 කි.
පසුගිය මාර්තු මස 20 වැනිදා සිට පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 41,557 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලය තුළ වාහන 10,719 ක් සිය භාරයට ගෙන තිබේ.
