News

ඇමති කමක් නැතුව ඉන්න අමාරුයි’ එස්.බී කියයි

තමාට අමාත්‍ය ධූරයක් නොමැතිව සිටීම ඉතා වේදනාකාරී මෙන්ම අසීරු කටයුත්තක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරනවා.

තමා 1994 වසරේ සිටම කැබිනට් අමාත්‍ය ධුර දැරූ බවත් ඒ සෑම ඇමති ධුරයකින්ම සුවිශේෂී වාර්තාවන් රැසක් ද තමා විසින් බිහිකර ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

තමන් සාමාන්‍ය ඇමතිවරයකු නොවන බව පෙන්වාදෙන ඔහු සඳහන් කරන්නේ තමන් දරන ලද සෑම අමාත්‍යාංශයකම නිර්මාණශීලී සහ ඵලදායී කාර්යයන් සිදුකර ඇති බවයි. එස්.බී. දිසානායක මහතා මේ වන විට නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වරයා ලෙස කටයුතු කරනවා.