News

ඇමරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

අද රාත්‍රියේ කොළඹට ළඟා වූ මයික් පොම්පියෝ මහතා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට සහභාගිවන්නේ හෙට (28) උදෑසනයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන යන මහත්වරුන් හමුවන රාජ්‍ය ලේකම්වරයා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගිවීමට ද නියමිතව තිබේ.

නිල සාකච්ඡාවලින් අනතුරුව ඔහු හෙට (28) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ද පැමිණීමට නියමිතයි.

ආසියානු රටවල් හතරක සංචාරයක් අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ එරට ආරක්ෂක ලේකම් මාර්ක් ටී එස්ප(ර්) මහතා ඊයේ (26) ඉන්දියාවට පැමිණ තිබුණි.