News

ඇමරිකාවේ ආසාදිත මරණ 300,000 ඉක්මවා යයි

ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් මරණ ගණන අද (15) වන විට 300,000 ඉක්මවා ගොස් තිබේ.

එසේම ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ මහා පරිමාණ එන්නත් ක්‍රියාවලිය ආරම්භකර දිනයේදීම මෙලෙස මරණ ගණන ඉහළයාම එරට මාධ්‍ය වාර්තා කර තිබුනේ අඳුරු කඩඉමක් ලෙසටයි. එසේම කොවිඩ් ආසාදනය නිසා ලොව වැඩිම බලපෑමට ලක්වූ රට බවටද පත්ව ඇත්තේ ඇමරිකාව වන අතර වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වීම සහ වැඩිම මරණ ගණනක් වාර්තාවී තිබේ.

එසේම වාර්තා අනුව ඇමරිකවේ මිලියන 300ක් ජීවත්වන ඇමෙරිකාවෙන්ගෙන් වෛරසයට ගොදුරුවූ ආසාදිතයන් ගණන මිලියන 16 ඉක්මවා ගොස් තිබෙනවා.