ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් කෝටිය ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවා තිබේ.
එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,058,586ක් බවයි.
ඇමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 242,230ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කොරෝනා වෛරසය එක්සත් ජනපදය පුරා අඛණ්ඩව පැතිරීම නිසා වෛරසය ආසාදන ඊළඟ මාසය තුළ දෙගුණයක් විය හැකි බව හාවඩ් විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ මාක් ලිප්සිච් අනතුරු අඟවයි.
පසුගිය 6වන බ්‍රහස්පතින්දා දිනයේදී පමණක් එරටින් ආසාදිතයින් 121,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.
එය වසංගතය ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම දෛනික ආසාදන සංඛ්‍යාව වේ.
