ඉතාලියේ ලාංකික ශ්‍රමිකයන්ට සහන
ඉතාලි බලධාරීන් විසින් ලබා දී ඇති පොදු සමාවෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහාය වීමට විදේශ සබඳතා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමු වේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන ශ්‍රමිකයන්ගෙන් ලියකියවිලි නොමැතිවීම හේතුවෙන් අය කර ගන්නා දඩ මුදල යුරෝ 330 සහ යුරෝ 420 සිට, යුරෝ 140 දක්වා අඩු වන බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම වැඩපිළිවෙල මඟින් දැනට ඉතාලියේ රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000කට පමණ ප්‍රතිලාභ සැලසෙන අතර, ඔවුන්ගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමෙන් පසුව, ඉතාලියේ සේවය කිරීම සඳහා වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට ද අවස්ථාව සැලසෙනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
