News

ඉන්දියාවෙන් ලංකාවට කුණු වෙච්ච මිරිස් ඇවිත්

මිනිස් පරිභෝජනයට නුසුදුසු වියලි මිරිස් කිලෝ ග්‍රරූම් 6000ක බාහාලුමක් රේගු අවදානම් කළමනාකරන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බහාලුම ඉන්දියාවේ සිට පසුගිය සති අන්තයේ ලංකාවට පැමිණ ඇත.

රේගු ආහාර පරීක්ෂකවරයා විසින් මෙම මිරිස් තොගය පරීක්ෂා කිරීමෙන් අනතුරුව විනාශ කිරීමට හෝ ප්‍රතිඅපනයනය කිරීමට නිර්දේශ ලබා දී ඇත.

රේගු අවදානම් කළමනාකරන ඒකකයේ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ සුදත් සිල්වා විසින් එම බහාලුම මෙරටට ගෙන්වූ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයා හට රු. 100,000ක් දඩ ගසා ඇති අතර බහාලුම ව්‍යාපාරිකයාගේ වියදමින් ප්‍රති අපනයනය කිරීමට නියෝගද ලබා දී ඇත.