News

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

ඉන්දියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වී තිබේ.

එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ ගතවූ පැය 24 තුළ ආසාදිතයින් 5,242ක් වාර්තා වූ බවයි.

එමෙන්ම ගත වූ පැය 24 තුළ මරණ 24ක් වාර්තා වී තිබේ.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 100,293ක් වන අතර, එරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 3,155ක්.