ඉන්දීය 74වන නිදහස් දිනය සැමරේ
ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් දිනය අදට (15) යෙදී තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදී 74 වැනි නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්විය.
අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සඳහා යුධ, ගුවන්, නාවික භට පිරිසක් සහ දිල්ලියේ පොලිස් නිළධාරින් කණ්ඩායම් යොදවා ඇත.
පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඉන්දීයාවේ නිදහස් දින සැමරුම සිදුකර ඇති බව වාර්තා වේ.
නිදහස් දින සැමරුම සඳහා යුධ, ගුවන්, නාවික සහ පොලිස් නිළධාරින්ගේ උත්තමාචාර පෙළපාලි පැවති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
