ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 175ක් පිටව යයි
කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා මූලස්ථානයට අයත් නිරෝධායන මධ්‍යස්ථාන තුළින්නිරෝධායනය ලද කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 175 දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කොට සිය නිවෙස්වෙතට ගමන් කිරීම අද(11) සිදුකෙරිණ.
කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි ගෘප් කැප්ටන් රොහාන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු නිරෝධායනය අවසන් කළ පිරිස් වෙත නිරෝධායන සහතික ලබාදීමේ වැඩසටහනකින් අනතුරුව අදාළ කණ්ඩායම නිවෙස් වෙත පිටත්කෙරිණ.
නිරොධායන කඳවුරු තුළ සිටි දරුවන් විසින් මල් පිළිගන්වමින් ගුවන් හමුදා නිළධාරීන් වෙත ස්තූතිය පිරිනැමීමද එහිදි සිදුකෙරිණ.
නිරෝධායන කඳවුර වෙත පැමිණි ගර්භනි කාන්තාවක් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවෙකු ප්‍රසුත කොට ඇති අතර, ඇය හා ඇයගේ ඥාතීන් විසින් ගුවන් හමුදා නිළධාරීන් වෙත හා කිලිනොච්චිය රෝහල් කාර්ය මණ්ඩලය වෙත ස්තූතිය පිරිනැමූහ.
මාධව කුලසූරිය
