News

ඉස්සො ව‌ඩේ වෙළෙන්දෙකුටත් කොරෝනා

පොළොන්නරුව බකමූණ නගරයේ වඩේ වෙළෙදසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මෙම පුද්ගලයා පසුගිය දිනෙක ඉස්සන් රැගෙන ඒමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවට තොරතුරු වාර්තාවීමත් සමග ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇත.

ඒ අනුව වයස අවුරුදු 34ක් වන මෙම පුද්ගලයා කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ (25) රාත්‍රී අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් වඩේ වෙළෙඳසැළ පැවති ස්ථානය හා බකමූණ නගරය ඇළහැර ප්‍රාදේශීය සභාව හා ඇළහැර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් අද (26) උදෑසන විෂබීජහරණයට ලක් කර ඇත.

මේ අතර එම ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් හා එම ප්‍රදේශයේ නිවාස 10ක පමණ පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.