News

ඊයේ වාර්තා වු ආසාදිතයින් 33 න් 31 ක් නාවික හමුදාවේ

කෝවිඩ් වෛරසය ආසාදනය වු බවට ඊයේ තහවුරු වු පුද්ගලයින් 33 දෙනා අතරින් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු පැවසුවේ ඊට අමතර වෛරසය ආසාදනය වී ඇත්තේ නාවික හමුදා සමාජිකයින් සිටන පවුලක සාමාජිකයින් දෙදෙනෙකුටයි.

ඒ අතර වයස අවුරුදු 13 ක දරුවකු සහ වයස අවුරුදු 70 ක පමණ කාන්තාවක් ද වන බවයි අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.