ඊයේ වැඩිම ආසාදිතයින් කළුතරින්
මෙරට තුළ ඊයේ (22) දිනයේදී හදුනාගත් කොවිඩ් ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
එම සංඛ්‍යාව 193ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.
ඉන් 162දෙනෙකු අටලුගමින් හදුනාගත් ආසාදිතයින් වේ.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 101දෙනෙකු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 42දෙනෙකු, හා ආසාදිතයින් 91දෙනෙකු සෙසු දිස්ත්‍රික්ක වලින් හදුනාගෙන ඇත.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 42කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී හදුනාගෙන ඇත්තේ ආසාදිතයින් තිදෙනක් පමණි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38059කි.
ඉන් 29300ක් පූර්ණ සුවය ලබා ඇති අතර, 8576දෙනෙකු ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
මෙරට තුළ කොවිඩ් වෛසරය ආසාදනයවීමෙන් මියගිය සංඛ්‍යාව 183කි.
