News

ඊයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹින්

ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 443 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්‌ථානය පවසයි.

වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර ආසාදිතයින් 212ක් කොළඹින් හඳුනා ගෙන ඇත.

මට්ටක්කුලිය මෝදර උයනින් 138දෙනෙකු, කොළඹ උතුර ප්‍රදේශයෙන් 21දෙනෙකු, කොළඹ වරායෙන් 11දෙනෙකු, බත්තරමුල්ලෙන් 5දෙනෙකු, හංවැල්ලෙන් 8දෙනෙකු, කොළොන්නාවෙන් 06දෙනෙකු, මෝදරින් 06දෙනෙකු, අතුරුගිරියෙන් සහ අංගොඩින් ආසාදිතයින් 03 දෙනා බැගින්ද, දෙහිවල, රත්මලාන, පිළියන්දල, රාජගිරිය සහ කඩුවෙල යන ප්‍රදේශ වලින් එක් ආසාදිතයා බැගින්ද මාළඹේ, අවිස්සාවේල්ල සහ මොරටුව යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 02 දෙනා බැගින්ද වාර්තා වී ඇත.

දෙවෙනියට වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 62ක් ගම්පහින් වාර්තා වී ඇත.

ගම්පහින් 18දෙනෙකු, මාතරින් 08දෙනෙකු, කටාන සහ මීගමුව යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 07දෙනෙකු බැගින් ද, බියගම සහ කැළණිය ප්‍රදේශ වලින් ආසාදිතයින් 11දෙනෙකු බැගින් වාර්තා වී ඇත.

මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වී ඇත.

අගලවත්තෙන් 05දෙනෙකු, වාද්දුවෙන් 09දෙනෙකු සහ හොරණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 06දෙනෙකු වාර්තා වී ඇත.

එයට අමතරව ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වූ සෙසු දිස්ත්‍රික්ක වන්නේ :

කුරුණෑගල 02 ( කුරුණෑගල 01 / රිදීගම 01)
ගාල්ල 02 ( හික්කඩුව 01 / බලපිටිය 01)
මාතර 03 ( මාතර නගර සභා බල සීමාව 02 / අකුරැස්ස 01)
රත්නපුර 09 ( ඇහැලියගොඩ 08 / සීතාවකපුර 01)
නුවරඑළිය 06 ( මස්කෙළිය 02 / බොගවන්තලාව 03 / නානුඔය 01)
මහනුවර 03 ( නුවර 01 / තලාතුඔය 02)

පොලිසියේ 94 ( බොරැල්ල පොලිසියේ 41 / සෙසු පොලිස් ස්ථාන 53)

ගුවන් විදුලි සංස්ථාව : 05

නිරෝධායන මධ්‍යස්ථාන තුලින් : ආසාදිතයින් 25.