News

උඩුගුවනේ සිදු වූ දරු ප්‍රසූතිය

කොරෝනා ආසාදිත කාන්තාවක් රෝහලක් වෙත රැගෙන යන අතරතුර දී හෙළිකොප්ටරයක් තුළ දී දරුවකු ප්‍රසූත කළ බව ඉතාලියේ මාධ්‍ය වාර්තා කරයි.

සංක්‍රමණික කාන්තාවක් වන ඇය දකුණු ඉතාලියේ ලැම්පේදූසා නම් දූපතේ පිහිටි සංක්‍රමණිකයින් රඳවා ඇති මධ්‍යස්ථානයක සිට සිලියේ පිහිටි රෝහලක් වෙත ගෙන යමින් සිට ඇත.

නමුත් රෝහලට ගෙනයමින් සිටින අතරතුර උඩුගුවනේ දී ඇයගේ දරු ප්‍රසූතිය සිදුවී තිබේ.

එම කාන්තාව ද අප්‍රිකානු රටකින් පැමිණි අයෙකි.

අනවසර සංක්‍රමිකයින් රැගත් බෝට්ටු ඉතාලි සීමාවට පැමිණීම පසුගිය මාස කිහිපය තුළ අඩු වී තිබුණ ද, එය නැවතත් වර්ධනය වෙමින් පවතින බව වාර්ථා වෙයි.