News

උණට බෙහෙත් ගන්න මුල්ලේරියාවට ආව දෙදෙනාට කොවිඩ්

මුල්ලේරියාව රෝහලේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවකින් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙම ආසාදිතයින් දෙදෙනා උඩුමුල්ල සහ මාළිගාගොඩැල්ල යන ප්‍රදේශ දෙකක පදිංචිකරුවන් වේ.

මෙම ආසාදිතයින් දෙදෙනා සාමාන්‍ය උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මුල්ලේරියාව රෝහලට ඊයේ පැමිණ තිබෙන අතර එහිදී ඔවුන්ව PCR පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබේ.

එම පරීක්ෂණ වාර්තාවන් අද(22) දිනයේදී ලැබී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.