උණවටුන උප දුම්රිය පොල තාවකාලිකව වසා දමයි
උණවටුන උප දුම්රිය ස්ථානය අද දිනයේ තාවකාලිකව වසා දමා තිඛේ.
ඒ කොරෝනා ආසාදනය වු පුද්ගලයෙකු උනවටුන උප දුම්රියපොලේ ස්ථානාධිපතිවරයා සමග සමීපව ඇසුරු කිරිම හේතුවෙනුයි.
අදාල දුම්රිය ස්ථානාධිපතිවරයා මේ වන විට පී සී ආර් පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහි වාර්තාව අනුව ඉදිරියේදී කටයුතු කිරිමට නියමිතයි.
කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ සිට හබරාදුව ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණා.
