News

උත්සව සමයේ ‍ඇඳිරි නීතිය පැනවීමට බලාපොරොත්තුවක් නෑ

උත්සව සමය තුළ නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා අද (22) පෙරවරු‌වේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දැනට සංචරණ සීමා පනවා නැති ප්‍රදේශවල අත්‍යාවශ්‍යතාවයක් හැරුනු විට හුදකලා කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.

මේ මොහොතේදී සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් ඕනෑම අවස්ථාවක එසේ පැනවීමට අවශ්‍ය වුවහොත් එය සිදුකිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.