උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අද (29 වැනිදා) ට යෙදී ඇත. සංඝමිත්තා මහ රහත් තෙරණිය දඹදිව සිට ජය ශ්රීමා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කිරීම, එසේ වැඩම කරන ලද දක්ෂිණ ශාඛාව දේවානම් පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහමෙව්නා උයනේ තැන්පත් කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් වූ සුවිශේෂී දිනයක් ලෙස උඳුවප් පොහොය දිනය හැඳින්විය හැකිය.
එමෙන්ම, ශ්රී පාද වන්දනා සමය ඇරඹෙන්නේ අදට (29 වැනිදා) යෙදී තිබෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදීය. පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව සහ සමන් දේව ප්රතිමාව, දේවාභරණ ශ්රී පාද උඩමළුව දක්වා වැඩම කිරීමෙන් පසුව,අද (29 වැනිදා) පෙරවරුවේ සිදුකරනු ලබන ආගමික චාරිත්රවලින් අනතුරුව සිරිපා වන්දනා සමය ඇරැඹේ.
