News

උපකාරක පන්ති පිරිස වැඩි කෙරේ

පක්ෂ නායකයන් සහභාගි වන දේශපාලන රැස්වීම් සඳහා පන්සිය දෙනකුට සහභාගි වීමට ඇති අවස්ථාව පෞද්ගලික උපකාරක පන්තිවලට ද ලබා දීම සුදුසු යැයි තමන් කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය.

සිසුන් දහස් ගණනක් සහභාගි වූ පෞද්ගලික උපකාරක පන්ති සඳහා සහභාගි විය හැකි සංඛ්‍යාව සියයකට සීමා කිරීම ගැටලු සහගත යැයි තමන් ද පිළිගන්නා බව ඇමැතිවරයා කීවේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවැසීය.

 

නිලන්ත මදුරාවල