උසස් පෙළ සති තුනකින් කල් දමන්නැයි සිසුන්ගෙන් ඉල්ලීමක්
උසස් පෙළ විභාගයට සති තුනකින්වත් කල් දමන ලෙසට සිසුන්ගෙන් ඉල්ලීමක් තිබෙන බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හා විභාග කොමසාරිස් ජනරාල්වරයා සමග සාකච්ඡා කර සිසුන්ට ගැළපෙන තීන්දුවක් ගන්නා බවද ඇමැතිවරයා කීවේය.
විවෘත කළ පාසල් කිහිපයක් අධීක්ෂණය සඳහා මාතර ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ඇමැතිවරයා දරුවන්ගේ මතයට ඉඩදිය යුතු බවද පැවසීය.
ජයසිරි පේදුරුආරච්චි -මාතර
