News

ඌව සරසවියේ කොවිඩ් ගැන උපකුලපති කියයි

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කිසිදු සිසුවෙකුට හෝ අධ්‍යයන, අනධ්‍යයන, කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් අසාදිත නැති බවට පැවසෙනවා.

මේ බව එහි උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සඳහන් කර ඇත.

කොවිඩ් පැතිර ඇති මිනුවන්ගොඩ හා අවට ප්‍රෙද්ශවලින් පැමිණි සිසුන් 38 දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමෙන් පසු මේ බව තහවුරු වූ බව සඳහන් කළ උපකුලපතිවරයා විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී කෙරෙන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව අවධාරණය ‍කර සිටිනවා.

මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීමෙන් වළකින ලෙසද හෙතෙම ඉල්ලා සිටිනවා.