News

එංගලන්තයෙන් මෙරටට ගෙනා අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනයට පියවර

පසුගිය වසරේ එංගලන්තයෙන් මෙරටට ගෙන්වන ලද අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

එම අපද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා වරාය පරිශ්‍රය හා කටුනායක අපනය සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන පරිශ්‍රයක ගබඩා කර ඇත.

එංගලන්තයෙන් මෙරටට අපද්‍රව්‍ය ගෙන්වීමේ ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් ගත් අධිකරණ ක්‍රියාමාර්ගයට අදාළව අභියාචනාධිකරණය පසුගිය දා ලබාදුන් තීන්දුවට අනුව මෙම අපද්‍රව්‍ය තොගය ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.