News

එකට එක්ව මත්පැන් බීපු තිදෙනෙක්ට කොවිඩ්

ගාල්ල බෝපේ පෝද්දල, උක්වත්ත ප‍්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට සහභාගි වූ පුද්ගලයන් තිදෙනෙකුට කොරෝනා ආසාදිත බව සෞඛ්‍ය අංශ ඊයේ(27) අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

එම අවමංගල්‍ය නිවසට කොළඹ ප‍්‍රදේශයේ සිට ගිය පුද්ගලයකුට කොරෝනා ආසාදිත බවට අනාවරණය වීමත් සමග ඔහු සමග අවමංගල නිවසේදී එකට එක්ව මත්පැන් පානය කළ පිරිසක් පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක් කර ඇත.

එම පි.සී.ආර් වාර්තා අනුව අනෙකුත් ආසාදිතයින් දෙදෙනා හඳුනා ගෙන ඇත.

මෙසේ මත්පැන් පානය කිරීම හේතුවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ අනෙක් දෙදෙනා අතරින් එක් පුද්ගලයකු ගාල්ල නගරයේ රජයේ කාර්යාලයක ගණකාධිකාරිවරයකු බවද සෞඛ්‍ය අංශ පවසයි.