News

එකම පවුලේ 6කට කොවිඩ්

බගවන්තලාව කොටියාගල වතුයායේ වතු නිවාස පේළියේ පදිංචි එකම පවුලේ සය දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

එම පවුලේ 10දෙනෙකු නිරෝධානයට යොමුකර තිබු අතර ඉන් තිදෙනෙකුට මීට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනයවිම නිසා එම ආසාදිතයන් පොළොන්නරුව මනම්පිටිය ගල්ලෑල්ල නිරෝධාන මධ්‍යස්ථානය සහ මාතර කඹුරුපිටිය නිරෝධාන මාධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

අද (04) දින එම පවුලේ නිරෝධනය වෙමින් සිටි තවත් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තහවුරු කලේය.

සැමියා , බිරිද සහ දියණියට මෙසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදුකළ පිසිආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු වු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසයි.

එම පවුලේ අයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කර තිබේ